ශ්‍රී ලංකාවෙන් රත්‍රන් කිලෝ 267ක් ඉන්දියාවට පැන්නූ ජාවාරම
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක් මැඩ පැවැත්වීමට චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් සමත්ව තිබේ.
PTI පුවත් සේවය වාර්තා කළේ ජාවාරම්කරුවන් විසින් පසුගිය මාස දෙක තුළදී රත්‍රන් කිලෝ 267ක් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් ඇති බවයි.
එහි වටිනාකම ඉන්දීය රුපියල් මිලියන 1,670කි.
ගුවන්තොටුපොළ තුළ පිහිටි සාප්පුවක් කේන්ද්‍රකර ගනිමින් එම ජාවාරම සිදුකර තිබූ අතර බුද්ධි තොරතුරු අනුව එම සාප්පුවේ හිමිකරු සහ සේවකයින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් තොරතුරු හෙළිදරව් වී තිබේ.
එම සාප්පුවේ අලෙවි නිලධාරියෙක් ගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කළ බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සිය සිරුරේ සඟවා ගෙන සිටි රත්‍රන් කැබලි කිහිපයක් හමුවී තිබේ.
ඔහු එම රත්‍රන් ගුවන් මගියෙකුගෙන් ලබාගෙන තිබුණි.
විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම සාප්පුව ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් කුලියට ලබාගෙන සේවකයින් අට දෙනෙක් යොදවා එම ජාවාරම සිදුකර ඇති බවයි.