ශ්‍රී ලංකාවේ ISIS ත්‍රස්තයින් සොයන්න විශේෂ විමර්ශනයක්
ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙරට පුද්ගලයින් සිටීදැයි සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශනයක් සිදුකෙරෙන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
අද (26) කඩුවෙල පැවති වෙසක් උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින්නේදැයි සොයා ආරක්ෂක අංශ මගින් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.