#Local News

සයිබර් අපරාධ මඩින්න පොලීසියේ 20කට ඉන්දියාවේදී විශේෂ පුහුණුවක්

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි  Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබනු ඇත.

අදාළ කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත් ය.

ඔවුන් එළබෙන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී තිබේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *