#Articles

සිංහලේ තරුණ පෙරමුණ ආරම්භ වෙයි

01′ සිංහල දේශයේ උපන් තරුණ සිතිවිලි ඇති සැබෑ මිනිසුන්ගේ සිහින සැබෑ කරණ ආදරණීය පෙරමුණ

02′ සිංහලේ අතීත ශ්‍රී විභූතිය යලි පුබුදුවා ශ්‍රී ලංකාව වර්තමානයේ පෙලෙන මහත් වූ ණය බරින් මුදවන ආදරණීය තාරුණ්‍යයේ පෙරමුණ

03′ ගෞතම බුදුන් වහන්සේ උපන් විශ්වයේ මධ්‍ය දේශය මෙන්ම මහාකරුණිකයාණන් බුදුවුන අපේ සිංහලේ දේශය වෙයි. සියළු බුදුන් උපදින හා බුදුවන පෘථිවි තලයේ මධ්‍ය දේශය අප සිංහලේ ශ්‍රී ලංකාව නම් වෙයි. මීලග මෛත්‍රී බුදුන්වහන්සේ ඉපිද බුදුවී ශ්‍රී සත්ධර්මය දේශනාකරන්නට සුදුසු පරිසරය තවත් වසර දසදහස් ගණනක් ඉදිරියට පවත්වාගෙන යා යුතු බව වටහාගත් එකම දේශපාලන න්‍යාය”Triangulism,”  “ත්‍රිකෝණමිතිකවාදය” සහිත දේශපාලන පක්ෂය සිංහලේ තරුණ පෙරමුණ වෙයි.

4. සෑම සාමාජිකයකුටම හැදුනුම්පතක් ලැබෙන එකම දේශපාලන පක්ෂය සිංහලේ තරුණ පෙරමුණ වෙයි.

සෑම සාමාජිකයෙකුටම රක්ෂණයක් ලැබෙන එකම දේශපාලන පක්ෂය සිංහලේ තරුණ පෙරමුණ වෙයි.

සෑම සාමාජිකයෙකුගේම නීතිමය ප්‍රශ්ණ පොලිසි ප්‍රශ්ණ, උසාවි ප්‍රශ්ණ වෙනුවෙන් පක්ෂයේ නීතීඥ වරුන් පෙනී සිටිනා එකම දේශපාලන පක්ෂය සිංහලේ තරුණ පෙරමුණ වෙයි.

5. ස්වයං රැකියා සඳහා හෝ වෙනත් පෟද්ගලික අවශ්‍යතා, අධ්‍යාපන, ප්‍රථිකාර සඳහා ණය මුදල් සපයන එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

6. පක්ෂයේ සාමාජික සාමාජිකාවන්ට විදේශ ගතවීම සඳහා සියළු කටයුතු ඉටුකර දී වීසා ලබාගන්නා අවස්ථාව දක්වා උපකාර කරණු ලබන එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

7. නව තාක්ෂණික අධ්‍යාපනය ලබාදීමට ශ්‍රී ලංකාව තුල තාක්ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවනු ලබන එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

8. පක්ෂයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් විශේෂ අඩු මුදලට ඇඟලුම් සැපයීම යන උදාර පරමාර්ථය පිණිස මෙන්ම දහස් ගණනක රැකියා සැපයීම පිණිස කර්මාන්ත ශාලා ආරම්භ කරණ එකම  පක්ෂය සිංහලේ තරුණ පෙරමුණ වෙයි.

9. පක්ෂයේ සාමාජික සාමාජිකාවන් ට රැකියා ලබාදීම සඳහා පක්ෂයේ ව්‍යාපාර ආරම්භ කරණු  ලබන එකම පක්ෂය මෙය වෙයි.

10. ගමේ තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට සහ නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා සඳහා පැමිණීමට පක්ෂයේ වියදමින් කටයුතු කරනු ලබන එකම පක්ෂය මෙය වෙයි. අප පලාත් සභා ප්‍රතික්ෂේප කරණු ලබන පක්ෂයකි. බලයට පැමිණි මොහොතේම එය ස්ථිරවම අවලංගු කරණු ලැබේ.

11.පළාත් සභාවල තිබූ බොහොමයක් බලතල එයට පහළින් ඇති මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වලට මාරු කර ඒවා දැඩි ශක්තිමත් දේශපාලන ආයතන බවට පත්කරනු ලබන එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

12. රජයේ රෝහල්, සෞඛ්‍යය පද්ධතියට ඔක්සිජන් ලබාදී මිය යන්නට යන ජාතික සෞඛ්‍ය ගොඩගනු ලබන එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

13. නිදහස් අධ්‍යාපනය සැබෑ ලෙසම බලපවත්වනු ලබන දේශපාලන පක්ෂය මෙය වෙයි.

විදේශීය සිසු  සිසුවියන් වෙනුවෙන් පෞද්ගලික හා රජයේ විශ්ව විද්‍යාල තුල සෑම විෂයය ධාරාවක්ම ඇතිකරණු ලබන දේශපාලන පක්ෂය මෙය වෙයි.

14. කුඩා දිවයිනක් ලෙස රට වටකර සිටින මත්ස්‍ය සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්නා එකම දේශපාලන පක්ෂය මෙය වෙයි.

15. කෘෂිකර්මාන්තය යලි පුබුදුවනු ලබන මෙන්ම ජාතියේ පහන් ටැඹ යැයි  කියත හැකි, රටට බත් දෙන ගොවියා යලි රජකරවනු ලබන දේශපාලන ඉදිරි දැක්මක් ඇති එකම පක්ෂය මෙය වෙයි.

16. බුදු දහම මූලික ව්‍යවස්ථාවක් මඟින් පලමුවම බුද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ පරිසරය, බෞද්ධ සමාජය, බෞද්ධ පන්සල් ගෞරවණීය ස්වාමින්වහන්සේලා ආරක්ෂා කරණු ලබන (ව්‍යවස්ථාවක්) රාජ්‍ය ක්‍රමයක් ඇතිකරණු ලබන  එකම පක්ෂය මෙය වෙයි. ක්‍රිස්තියානි ධර්මය ඇදහිලි වන්තයින්ටද සියළු සමාන අයිතිවාසිකම් එම රාජ්‍යයක් මඟින් දෙනු ලැබේ. හින්දු ආගම අදහනු ලබන්නන් ඇතුළු අවශේෂ ආගම් වලටද ගෞරවය දෙනු ලැබේ.

17. මිනිසා නොමිනිසුන් බවට ඇද දමන ඕනෑම වර්ගයක ඉගැන්වීමක් සහ ක්‍රියාන්විත තහනම් කරණු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විග්‍රහ කරනු ලබන කටයුතු  වලට එරෙහි කිසිදු කටයුත්තක් ශ්‍රී ලංකාව තුල තහනම් කරනු ඇත.

18.රජයේ දේපල විදේශිකයන්ට විකිණීම තහනම් කරනු ඇත. විදේශීය ආයෝජන දිරිමත් කරනු ඇත. ශ්‍රී ලංකා මුහුදු සීමාව ශ්‍රී  ලාංකිකයන්ට සැබෑ ලෙසම අයිති කර දෙනු ඇත.එමඟින් ධීවර සහ එම  ආශ්‍රිත නිෂ්පාදන ඇති කරණු ඇත. (දේශීය හා විදේශීය භාවිතය පිණිස)

19. ශ්‍රී ලංකාව තුල විෂ මත්ද්‍රව්‍ය වෙලදාම අවසන් කෙරෙනු ඇත. ඒවා පාර්ලිමේන්තුව තුල ඇති කරගනු ලබන, නීති පනත් මඟින් ස්ථිරසාර ලෙසම ඇතුගෑවී යනු ඇත.

20. පොලීසිය නැමැති ආයතනය මුල සිට අගට නිවැරදි වනු ඇත. රටේ නීතිය සැබෑ ලෙසම ක්‍රියාත්මක වනු ඇත. පාතාලය අවසන් කෙරේ.

21. රාජ්‍ය ඉහල නිලධාරීන්ට රාජ්‍ය පාලනයට සහායවීම පිලිබඳව වෙනමම පාඨමාලා පැවැත්වෙනු ඇත. පගාව වෙනුවට ක්‍රියාව ඔප් නංවා අල්ලසින් පිරීගිය රාජ්‍ය නිලධාරී දේහය සැබෑ නිරහංකාර සමාජ සේවාවවක් බවට පත්කෙරෙණු ඇත.

සිංහලේ තරුණ පෙරමුණ ආරම්භ වෙයි

Sri Lankan Sapphires Gem Mine | 100

Leave a comment

Your email address will not be published. Required fields are marked *