#Articles

හිනිදුම කල්වාරි දේවස්ථානයේ ඡායාරූප හා දර්ශන

ඡේසු සමිදාණන් සැබෑ ලෙසම කුරුසප්ප්‍රාප්ත වු ගලීලයේ කල්වාරි කදු මුදුන සංකේතාත්මකව සිහිපත් කරමින් ශ්‍රී ලාංකික කිතුනුවෝ දහස් ගණනින් ,ලක්ෂ ගණනින් ගාල්ලේ හිනිදුම ගොඩනගා ඇති කල්වාරි කුරුසය සහිත කඳුමුදුන වැදපුදා ගැනීම ශ්‍රී ලාංකික ඡේසු අනුගාමිකයන්ගේ ප්‍රධාන වන්දනාවක් වී ඇත.

          රජයේ වනයක් සහිත කදු මුදුනක් වන මෙම කල්වාරි කන්ද අපද්‍රව්‍ය වලින් තොර පාරිශුද්ධ භූමියක් ලෙස තබාගැනීම ශ්‍රීලාංකික කිතුණුවන්ගේ පරම යුතුකමක් වනු ඇත. මේ කදු මුදුනේ ජල මූලාශ්‍ර ද පවතින බව ප්‍රදේශ වාසීන් කියයි.

                   කිතුනුවන් විසින් කල්වාරි අනුරුව නිර්මාණය කර තිබුනද මෙම ස්වාභාවික කඳු වනාන්තරය නිරාගමික ලෙස කිසිදු ආගමක් සතු හෝ කිසිදු ජාතියක් සතු දේපලක් නොවේ. එය පොදුවේ ශ්‍රීලාංකික දේපලක් බැවින් එය තම ජීවිතය සේ මෙන්ම ආත්මය සේ රැකගැනීම ශ්‍රී ලාංකික අපගේ  යුතුකම වෙයි. මේ එහි ඡායාරූප හා වීඩියෝ දර්ශන වෙයි.Young Asia Medea corporation.හි මාධ්‍යය අංශය මගින් මෙලෙස ඉදිරිපත් කරයි. අිං්‍ය

ගාල්ල හිනිදුම කල්වාරි දේවස්ථානය නරඹා, වැදපුදා ගැනීමට පැමිණෙන සියළු ශ්‍රී ලාංකික කිතුණු,බෞද්ධ,හින්දු සහ අනෙකුත් ඕනෑම ආගමිකයින්ගෙන් අප ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කල්වාරි කන්ද මුදුන සහ එය තරණය කරන අතර තුර ඔබට දක්නට ලැබෙන සිහිවටන 13 ආසන්නයේ හෝ එම කල්වාරි කන්දේ කිසිදු ස්ථානයක් අපවිතත්‍ර නොකරන ලෙසත්, ඔබ රැගෙන ආහාරපාන අනුභවයෙන් ඉතිරිවන අපද්‍රව්‍ය මෙම කන්දේ කොතැනක හෝ දමා නොයන ලෙසත්ය.

          මේ අපගේ ජාතික දායාදයක් බැවින් ඒවා රැකගැනීම අප සියල්ලන්ගේම යුතුකමකි.කුමන හෝ අපවිත්‍ර කිරීම්වලින් තොරව කල්වාරි සිහිවටනය වන්දනාමාන කරන ලෙස Young Asia Medea Corporation හි කාරැණික  ඉල්ලීමයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *