#Local News

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට

“සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබෙනවා

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් විසිනුයි මෙය පිළිගන්වා තිබෙන්නේ

ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධනය කේන්ද්‍රකර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත් වන අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි .

Leave a comment

Your email address will not be published. Required fields are marked *