#Local News

හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන “හීනටියන මහේෂ්ගේ” ගෝලයෙක්ව ආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

“යුක්තිය” මෙහෙයුම යටතේ සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනයක් සඳහා සූදානම්ව සිටි බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී තිබිණි.

එහිදී පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු ‘හීනටියන මහේෂ්ගේ’ ගෝලයෙකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙළිදරව් වී තිබේ.

මීට අමතරව ඝාතනය කිරීම සඳහා භාවිතයට ගැනීමට සුදානමින් තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *