#Local News

2024 අයවැය වැඩි ඡන්ද 41කින් සම්මත වුණා

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණයි.

එක් අයෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී සිට තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඉන් අනතුරුව පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 45කින් සම්මත වුණේ පසුගිය මස 21 වන දිනයි.

ඊට පසුදින අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණා

Leave a comment

Your email address will not be published. Required fields are marked *