9 ශ්‍රේණියේදී සා/පෙළ ලියා A නවයක් ගත් හපන්නු
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල
ඉකුත්දා නිකුත් කෙරිණ. එහි විශිෂ්ට
ප්‍රතිඵල ලද සිසු සිසුවියන් පිළිබඳ දැන්
රටම හඳුනයි. මේ තවත්
සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලාභියෙකි.
ඔහුගේ කැපී පෙනෙන තවත්
දස්කම් රැසකි.සංගීත විශාරද 1 විභාගය සමත් වී 2ටත් සූදානම් වනවා
ජපන් භාෂා ප්‍රවීණතා විභාගයටත් පෙනී හිටියා
පරිගණක තාක්ෂණයත් හදාරනවා
ඒ,කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ 9
වැනි ශ්‍රෙණියේ සිසුවකු වන
ඔකිත දින්තරු.
අනිත් හපනා වන තණමල්විල ජාතික පාසලේ 09වන ශ්‍රේණියේ
ඉගෙනුම ලබන, තණමල්විල ගඟේයාය පදිංචි
ඩබ්ලිව්. ආර්. එම්. අකිල ජයලංකා විජේතුංග
නැමැති ශිෂ්‍යයා 2023 අපොස සාමාන්‍ය පෙළ
විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A
සාමාර්ථයන් ලබාගෙන ඇත.