#Local News

CID ප්‍රශ්න කිරීම ගැන කෙහෙළියගෙන් නිවේදනයක්

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද (26) දිනයේ පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

එහිදී අදාළ සිද්ධියට සම්බන්ධව අමාත්‍යවරයා සතුව තිබූ ලිඛිත සහ අනෙකුත් සාක්ෂි විමර්ශනවල පහසුව සඳහා අවශ්‍ය බවට හැඟීගිය හෙයින් මෙලෙස විමර්ශන නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන වඩාත් විධිමත් කිරීම සඳහා තමන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් බවය.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *