#Local News

EPF ගැන රජය හදිසියේම තීරණයක් ගනී

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *