#Travel

Hulangala Mini World’s End Viewpoint Travel Documentary | Bathalagoda Lake

අපේ මෙවර සංචාරය හුලංගල ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ ඉබ්බාගමුව නගරය ආසන්නයේ පිහිටලා තියෙන බතලේගොඩ වැවෙන් . මොකද බතලේගොඩ වැවට මේ හුලංගල පිහිටලා තියෙන නැවිගල කදු වැටියත් ඒ වගේම නකල්ස් කදු පංතියත් හොදට දැක බලා ගන්න පුලුවන් . බතලේගොඩ වැවත් ඇත්තටම බෙහොම සුන්දර තැනක් ඉතින් අපි බතලේගොඩ වැවෙන් පස්සේ කුරුණෑගල මාතලේ පාර දිගේ මදුරාගොඩ යටවත්ත හරහා සැලැගම වත්තට ලගා වුනා . සැලැගම වත්තේ ප්‍රධාන ගේට්ටුව ලගට එනකන්නම් ඹ්නෑම වාහානයකට ලගා වන්න පුලුවන් . එතනින් ඉහලට යන්න නම් ටිකක් උස වාහානයක් තියෙන්නම වෙනවා . ඉතින් ගේට් එක ලගින් ටිකට් එකක් ගන්න ඕන රු 100 ක් වගේ ගෙවලා කෑම්පින් කරනවානම් එක රාත්‍රියකට රු 5000 ක් අය කරනවා .’ ප්‍රදාන ගේට්ටුවේ ඉදන් කි.ම් දෙකක් වගේ ඉහලට යන්න ඹ්න හුලංගල View point එකට ඉහලට යන ඒ ගමනත් හරිම ලස්සනයි මොකද තේ වත්ත දිගේ ඉහලට යන්න තියෙන්නේ . ඉහලට යද්දි අපිට දකුණු පසින් පේන්නේ නකල්ස් කදු පංතිය . හුලංගල View point එකට ලගාවුනාම අපිට දකින්න ලැබෙන්නේ වයඹ පලාත . කුරුණෑගල දිස්ත්‍රිකයේ දකින්න ලැබෙන කදු වැටි ගනනාවක් මෙතනට දැක බලා ගන්න පුලුවන් . ඇටිපොල කන්ද ,බිසෝගල . හදුරුක් කන්ද .යක්දෙස්සාගල . දොලුකන්ද වගේ තැන් මෙතනට දැක බලා ගන්න පුලුවන් ඒ වගේම බතලේගොඩ වැව දැදුරු ඔය ජලාශය වගේ තැනුත් බලන්න පුලුවන් අහස පැහැදිලිව තියෙන දවසක උදේට ශ්‍රි පාදස්ථානය පවා මෙතනට දකින්න පුලුවන් ඇත්තටම.’ ඉන්පස්සේ අපි ගියේ බිසෝ පොකුනට ඉදිරියේදි මෙහි එන අයට බිසෝ පොකුනෙන් නාගන්න වුනත් පුලුවන් වෙයි . ඒ වගේම මේ ගමනේ අපි ගිය තවත් තැනක් තමයි නැවිගල කදු මුදුනේ තියෙන වැව මේක පුදුගලික වත්තක තියෙන්නේ එතනත් හරි අපුරු තැනක් . ඉතින් එතනට යනවානම් ඒ වත්තෙන් අවසරයක් අරන්ම යන එක තමයි වඩාත් හොද .

Hulangala Mini World’s End Viewpoint Travel Documentary | Bathalagoda Lake

Ahasa Se Oba Ananthai – Nanda Malini

Leave a comment

Your email address will not be published. Required fields are marked *