බන්ධනාගාර බස්වලට CCTV සවිකිරීමට පියවර

විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබේ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ, ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් බස් රථවල කැමරා සවිකරන බවයි. බන්ධනාගාරවලින් පිටතට රැඳවියන් ගෙන යන අවස්ථාවේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට එමගින් අවස්ථාව ලැබේ. බස් රථය තුළ රැඳවින් හා නිලධාරීන් කරනු ලබන […]

සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය මුද්‍රා තබන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ, ප්‍රශ්න ගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් නමැති එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අද (19) පෙරවරුවේ පරීක්ෂා […]

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වු රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් සහන

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන […]

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියන 15ක් පරීක්ෂණ සඳහා යොමු කෙරේ

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 15 ක් පරීක්ෂණ කටයුතු සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව රාජ්‍ය වාණි​ජ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු එම බිත්තර තොගය සතොස ආයතනය වෙත භාරදීමට නි​යමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ. කිසිඳු හිඟයකින් තොරව උත්ස​ව සමයේ ජනතාවට සතොස හරහා බිත්තර මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති […]

ජෙරම්ගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ මෙම නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් […]

ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක් වූ දෙවන වාරිකය ද නිකුත් කර තිබෙනවා. මීට පෙර අවස්ථාවක ද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ අතර සමස්තයක් ලෙස ඩොලර් මිලියන 700ක් මෙරටට ලබා දීමටයි එකඟ වී තිබුණේ. රොයිටර්ස් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ අදාළ ඩොලර් මිලියන 700ක […]

අතහැර දැමූ උදාගම්මාන රැසක වැඩ කඩිනමින් අවසන් කරන්න

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදී දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටි 2015-2019 සිවු වසර […]

ජලාශ 50 ක් තවදුරටත් වාං දමයි

අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඒ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට […]

කපුටොයි මයිනොයි නැවත නැගිටින්න හදනවා – විපක්ෂ නායක

වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ගව සම්පත සුරකින සම්මේලනයේදී […]

මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න පොලිසියෙන් දුරකථන අංක 45ක්

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත දුරකථන අංක ජාලයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ වන විට කොට්ඨාශ 45කට ඒ සඳහා නිශ්චිත දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා