උතුරු දුම්රිය ගමන ඉක්මන් වෙන ලකුණු
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියොජ්‍ය සම්යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, එදින සිට මාස 06 ක කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වසා දැමෙන බවය.
මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවන කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇත.