පුස්ඇලි ඔය පිටාර ගලයි
පවතින වැසි තත්ත්වය නිසා පාදුක්ක නගරය හරහා ගලා බසින පුස්ඇලි ඔය පිටාර ගැලීම හේතුවෙන් පාදුක්ක නගරයට පිවිසෙන මාර්ග දෙකක් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බව පොලීසිය පවසයි.
පාදුක්ක හංවැල්ල පාර සහ පාදුක්ක ඉංගිරිය පාර මෙලෙස ජලයෙන් යට වී ඇත.
මේ නිසා පාදුක්ක නගරයේ පහත්බිම්වල තිබූ නිවාස රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.