#Local News

රෝහල් සහ පාසල්වලට ආ අමුතුම ද්‍රව්‍ය

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

අධිකරණ නියෝගයකට අනුව එම රසායනික ද්‍රව්‍ය තොගය පරීක්ෂාවට ලක්කිරීමේදී අනාවරණය වූයේ ආනයනය තහනම් කළ රසායනික ද්‍රව්‍යද ඒ අතර තිබූ බවය.

මෙහිදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ජාවාරමේ ප්‍රධාන සැකකරුට රුපියල් 45,000 ක දඩයක් නියම කළ අතර රසායනික ද්‍රව්‍ය තොගය විනාශ කරන ලෙසට නියෝගයක් ලබාදුනි.

කෙසේවෙතත් එම රසායනික ද්‍රව්‍ය සෘජුව මුදාහැරීමෙන් පරිසර හානියක් සිදුවිය හැකි බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින්  විශේෂ අධිකරණ අවසරයක් යටතේ අදාළ රසායන ද්‍රව්‍ය තොගය පරීක්ෂාවකට ලක්කරනු ලැබීය.

ඒ රසායන ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මෙරට බලය ඇති එකම ආයතනය වන Insee evicted environmental society ආයතනය සමඟ එක්වය.

ඒ සඳහා රසායනික ද්‍රව්‍ය අලෙවිකරන ජාවාරමේ ප්‍රධාන සැකකරුද එම ස්ථානයට කැඳවා තිබුණි.

එහිදී රසායනික ද්‍රව්‍ය 380ක් පමණ පරීක්ෂාවට ලක්කළ අතර ඇතැම් බෝතල්වල ලේබල් හෝ රසායනික ද්‍රව්‍යයේ නමක් හෝ සඳහන්ව නොතිබූ බව හෙළිවිය.

එම රසායනික ද්‍රව්‍ය හඳුනාගන්නේ කෙසේදැයි ජාවාරම්කරුගෙන් විමසූ විට ඔහු පැවසූවේ අඝ්‍රාණය මගින් ඒවා හඳුනාගන්නා බවය.

වැඩිදුර පරීක්ෂාවන් සඳහා සාම්පල ලබාගෙන රසායනික ද්‍රව්‍ය තොගයට මුද්‍රා තැබීමට පියවර ගැණුනි.

එම සාම්පල පරීක්ෂණාගාර වෙත රැගෙන ගිය අතර පරීක්ෂණවලින් අනතුරුව රසායනික ද්‍රව්‍ය තොගය නියමිත පරිදි විනාශ කිරීමට පියවර ගන්නා බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *